අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමාජිකයින් පිරිසක් අද (03) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමග සාකච්ඡාවකට එක්වුණා.
සාකච්ඡාව පැවැත්වුණේ වෙළෙඳ අමාත්‍යාංශයේදීයි.
මෙම සාකච්ඡාවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනා සහ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කෙරුණු අතර, ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අදාළව සහ එම ශිෂ්‍යාධාර ලබා දීමේ දී ඇතිවී තිබෙන ගැටළු තත්ත්වයන් පිළිබඳව ද ඔවුන් සිය අදහස් ප්‍රකාශ කළා.
මීට අමතරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයින් පිළිබඳව දක්වා ඇති අවධානය වැඩි කිරීම, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා පහසුකම් තව දුරටත් දියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වැනි විවිධ ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බව සඳහන් .
මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු එහි සාමාජිකයින්, මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව තිබෙනවා.
