fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම උග්‍ර වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 12:49

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම උග්‍ර වෙයි

 

වනාන්තර විනාශ කිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම මේ වන විට උග්‍ර වී තිබෙනවා.

අලි මිනිස් ගැටුමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද හා දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවයි. ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ ජනතාව ගෙවතුවල සිදු කර ඇති වගා රැසක්ද වන අලින් විනාශ කර තිබෙනවා. සෑම බෝගයක්ම වන අලින්ගේ මෙම විනාශයට ගොදුරු වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අරලගන්විල කජුවත්ත ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපොළක ආහාර ගබඩාවකට පහර දී වන අලියෙකු එයින් අහාර පැහැර ගෙන තිබෙනවා. වන අලියා එම ගබඩාවට පහර දෙන ආකාරය සී සි ටී වී කැමරාවක සටහන් වුණා. කිසිදු බියකින් තොරව වන අලියා මෙම ගබඩාවේ දොර කඩා ආහාර ලබා ගන්නා ආකාරය එහි දැක්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්