fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධර්මසිරි බණ්ඩාරනායකයන් වෙනුවෙන් උපහාර උත්සවයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 12:55

ධර්මසිරි බණ්ඩාරනායකයන් වෙනුවෙන් උපහාර උත්සවයක්

අඩ සියවසකට අධික කාලයක් ධර්මසිරි බණ්ඩාරනායකයන්  මෙරට සිනමාවට හා වේදිකා නාට්‍ය කලාවට කළ මෙහෙය අගය කරමින් උපහාර උත්සවයක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුණා.

වාර්ගික සහජීවනය ඇති කිරීම සදහා ධර්මසිරි බණ්ඩාරනායකයන් ගත් උත්සාහය වෙනුවෙන් එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ලබා දුන් විශේෂ ගෞරව සම්මාන පදකක්ම ද මෙහිදී පිරිනැමුණා.

ඒ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහේෂන් නිර්මලන් හා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ඔලැන්ඩෝ එඩ්වඩ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම කලාකරුවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. පසුගියදා  පැවති රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් වෙනුවෙන් ලබා දුන් ආචර්ය උපාධිය ද මෙහිදී පිරිනැමුණා.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය එස්. මවුනගුරු යන මහත්වරුන් මෙහිදී ප්‍රදාන දේශන පැවැත්වුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්