2025 වසරේ ආදායම් ඉලක්කය මාස 10කින් ඉක්මවා යාමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත්ව සිටිනවා.
2024 එහි ආදායම රුපියල් බිලියන 37.8ක්. මේ වසරේ මුල් මාස 10 තුළ එම ආදායමත් සමස්ත වර්ෂයේම ඉලක්කයත් අභිබවා යාමට හැකිවූ බවයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසන්නේ.
මේ වසරේ දී සුපිරි ත්‍යාග ලාභීන් රැසක් බිහිකළ අතර රජයට කළ දායකත්වය ද වර්ධනය කර තිබෙනවා.
පසුගිය වසරේ දී ඒකාබද්ධ අරමුදලට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 4,477 වන අතර මේ වසරේ දී රුපියල් මිලියන 4,626ක් ලබාදීමට හැකිවී තිබෙනවා.
වකුගඩු අරමුදල සදහා පසුගිය වසරේ ලබාදුන් මිලියන 32 වෙනුවට මෙවර මිලියන 61ක් ලබාදීම කැපී පෙනෙන ජයග්රහනයක්.
පසුගිය වසරේදී රුපියල් මිලියන 908ක් වූ බදු මුදල මේ වසරේදී 1,088 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අලෙවි නියෝජිත කොමිස් මුදල් ද පසුගිය වසරේදී 7,596ට සාපේක්ෂව මේ වසරේදී 8,051 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලය සඳහන් කරන්නේ.
