කොළඹ නගරය තුළ PCR පරික්ෂණ අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.
පසුගිය සතියක කාලයක් පුරා කොළඹ නගර සභාව විසින් PCR පරික්ෂණ සහ රුධිර පරික්ෂාවන් සිදුකර තිබෙනවා. ඉන් කිසිදු කොරෝනා ආසාධිතයෙකු තහවුරු වී නොමැති බවයි කොළඹ නගර සභාවේ වසංගත වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පවසන්නේ.
කොළඹ තොටලග මුවදොර උයන නිවාස සංකීර්ණයේදී අද (14) දිනයේදී PCR පරික්ෂණ සිදුකළා. ඒ අහඹු නියධියක් ලෙස සහ රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් යොදාගනිමින්.