පුත්තලමේ ප්රදේශ රැසක පොල් වගාවට හානි කරන දළඹු විශේෂයක් පැතිර යමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
එම දළඹු වසංගතය පාලන කිරීම සදහා මේ වන විටත් ක්රියාමාර්ග ගනිමින් සිටින බවයි එම ආයතනය වැඩිදුරටත් සදහන් කළේ.
මදුරන්කුලිය, මංගඑළිය, මුන්දලම, රාජකදලුව ඇතුළු ප්රදේශ ගණනාවක මෙම පොල්වගාව සදහා හානි කරන දළඹූ විශේෂය පැතිර යමින් පවතින බවයි පොල් පර්යේෂණ ආයතනය සදහන් කරන්නේ.
පොල් දළඹු හානිය වැඩිවීමත් සමග පොල් වගාකරුවන් විවිධ ක්රම භාවිත කරමින් එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.
පොල් පර්යේෂණ ආයතනය පොල් වගාකරුවන්ට දැනුම් දෙන්නේ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සම්බන්ධ කර ගනිමින් අදාළ හානිය වළක්වා ගැනීමට එම ආයතනය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසටයි.