කිඹුල් සුද්දා නමැත්තා ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීටියාගොඩ ගෝනපීනුවල ඉදිගහවෙල ප්රදේශයේ වැටලීමක් සිදු කෙරුණා.
එහිදී බලපත්ර නොමැති මෙරට නිෂ්පාදනයකළ ගිනි අවියක් සමඟ බෝර 12 වර්ගයේ උණ්ඩ තොගයක් සන්තකයේ සඟවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.
ඔහු කිඹුල් සුද්දා යනුවෙන් හඳුන්වන අය බව පසුව සොයා ගැනුණා.
