මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරිය සතුව තිබී ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 10ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාරිය වයස අවුරුදු 52 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් හා ව්‍යාජ රුපියල් 5,000/- මුදල් නෝට්ටු 25 ක්, රුපියල් 1,000/- නෝට්ටු 08 ක්, රුපියල් 100 නෝට්ටු 01 ක් හා රුපියල් 20 නෝට්ටු 02 ක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය සිදු කරනු ලබනවා.
