හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක තිබී ගිණිඅවියක් සොයා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණ ආරම්භ කළා.
කාන්තාවක් විසින් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ඇගේ නිවසට ටී 56 ගිණිඅවිය රැගෙන යන ආකාරය එහි ආරක්ෂක නිලධාරියෙකු නිරීක්ෂණ කර තිබෙනවා.
පසුව ඔහු වැල්ලවත්ත පොලිසියට දැනුම්දීමෙන් අනතුරුවයි නිවස පරීක්ෂා කර ගිණිඅවිය සොයා ගෙන තිබෙන්නේ.
එය ගමන් මල්ලක සඟවා තිබූ බව පොලිසිය සදහන් කළා.
ගිණිඅවිය රැගෙන ආ කාන්තාව සහ අනෙක් පුද්ගලයන් සොයා වැල්ලවත්ත පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
