ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගකර සිටින්නේ සජීවී රූපවාහිනී වැඩසටහනකදී තම තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ දැක්ම සාකච්ඡා කළ යුතු බවයි. ශක්තිමත් අපේක්ෂකයෙකු තමන්ගේ ප්‍රතිවාදියා හා ගැටීමට බිය නොවිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියාසිටිනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විවාදයකට පැමිනෙන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරණයේ නිල ආවරණාධිපති වන ITN මාධ්‍ය ජාලය සූදානම්. ඒ වඩාත් දියුණු දේශපාලන සංස්කෘතියක් මෙරටට උරුම කරදීම අපගේ අපේක්ෂාව වන බැවින්.
