හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (27) කැදවා තිබුණා.
සතොස ආයතනයට අයත් ලිපිලේඛන තොගයක් බද්යුදීන් මහතාගේ බිරිදට අයත් නිවසක තිබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා ඇය කැදවා තිබූ බවයි වාර්තා වුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බද්යුදීන් මහතාගේ බිරිදගෙන් ප්‍රකාශ ලබා ගත්තා.
මේ වන විටත් ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.