දිවයිනට වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරි වළාකුළු පද්ධතියක් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් තද වැසි , සුළං සහ මුහුද රළු වීමේ හැකියාවක් පවතිනවා. හෙට පෙරවරු 6.30 දක්වා බලාත්මක වන පරිදි තද වැසි පිලිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරිමටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඒ බස්නාහිර, වයඹ සහ උතුරු පලාත් වෙනුවෙන්. කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලට ද බලපැම් එල්ලවිය හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
දිවයිනට වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. සුලගේ වේගය ද ක්ෂණිකව වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. විශේ්ෂ අවධානයක් යොමුකරන ලෙස ඔවුන් ධිවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙනවා.