ආචාර්ය සුමිත්‍රා පිරිස් අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටය කැන්ස් සිනමා උළලේ දී රතු පලස මත ගෞරවය ලබාදෙමින් ප්‍රදර්ශනය කෙරුණා.
කාන් සිනමා උළෙල මෙවර සංවිධාන කර තිබෙන්නේ 78 වන වතාවටයි.
පසුගිය 13 වනදා ආරම්භ වු එය ලබන 24 වනදා තෙක් පැවැත්වෙනවා.
ලෝකයේ රටවල් රැසක් සිය චිත්‍රපට මෙම සිනමා උළලේ දී ප්‍රදර්ශනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
ජාත්‍යන්තරයේ අවධානයට ලක්වු ගැහැනු ළමයි චිත්‍රපටය ද එහිදි ප්‍රදර්ශනය කර තිබෙනවා.
අධ්‍යක්ෂණය / තිර රචනය හා සංස්කරණය ආචාර්ය සුමිත්‍රා පිරිස්.
අධ්‍යක්ෂවරියගේ කාව්‍යාත්මක සිනමා භාවිතය සහ නළු නිළියන් තෝරා ගැනිමේ විශිෂ්ටත්වය මෙම චිත්‍රපටය තුළින් දැක ගැනීමට හැකියි.
ආචාර්ය සුමිත්‍රා පිරිස්ගේ සංස්කරණ හැකියාව ද චිත්‍රපටයට ආලෝකයක් වී තිබෙනවා.
සංරක්ෂණය කරන ලද සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය වෙනුවෙනුයි මෙවර කාන් සිනමා උළලේ දී ගැහැනු ළමයි චිත්‍රපටය තෝරා ගැනුනේ.
චිත්‍රපටයේ ප්‍රධාන නිලිය වන වසන්ති චතුරානි / ප්‍රධාන නළුවා වන අජිත් ජිනදාස හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිනමාවේදී සුදත් මහදිවුල්වැව මහතා ද සිනමා උළෙලට සහභාගි වී දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා සිනමා ක්ෂේත්රයේ පිරිසක් ද ගුවන් තොටුපළට පැමිණ සිටියා.