සිංහරාජ වනාන්තරයේ කලවාන කුඩව පිවිසුම තුළ දේශීය දුර්ලභ ඝනයේ ඖෂධ පෑලෑටි එකතු කර රැගෙන යාම සඳහා ළඟ තබාගෙන සිටි ජපන් ජාතිකයකු ඊයේ (21)දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන නිළධාරි කාර්යාලය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකර ජපන් ජාතික 44 හැවරිදි පුද්ගලයකු බවයි අඩවි වන නිළධාරි කාර්යාලය පවසන්නේ.
සැකකාර ජපන් ජාතිකයා සිංහරාජ වනාන්තරය ආශ්‍රීත හෝටලයක දින තුනක් නවාතැන් ගෙන ඖෂධ පෑලෑටි එකතු කර ඇති අතර ඔහු එම හෝටලයෙන් පිටත්ව යාමට කුඩව බස් නැවතුම්පොළහි සිටියදි ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බව කලාවන අඩවිවන නිලධාරීන් සඳහන් කළා.
මෙම පැලෑටි අතර එක් පෑලෑටියක් අති විලයන් නැමති ඖෂධ පෑලෑටි බවට සැක කරන අතර ඉතිරි ඖෂධ පෑලෑටි පරීක්ෂා කිරිම සඳහා පේරාදෙණිය උද්ධිත උද්‍යානයේ පරීක්ෂණ අංශය සඳහායොමු කර වාර්තාවක් ලබා ගැනිමට නියමිත බවයි කලවාන අඩවිවන නිලධාරීන් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකාර ජපන් ජාතිකයා කලවාන වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
