fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රසායනික ද්‍රව්‍ය යොදා තේ සැකසූ කර්මාන්ත ශාලාවක් වටලයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2020 15:53

රසායනික ද්‍රව්‍ය යොදා තේ සැකසීම සිදුකරන ලදැයි පැවසෙන කර්මාන්ත ශාලාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

ගම්පොල, ඔරායින් වත්ත ප්‍රදේශයේ පිහිටි මෙම තේ කර්මාන්ත ශාලාව වටලනු ලැබූවේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ සොයා බැලීම්වලින් අනතුරුවයි. පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම තහනම් කරමින් ආරක්ෂිත කැමරා සවිකර පවත්වාගෙන ගිය මෙම තේ කර්මාන්ත ශාලාවට රසායනික ද්‍රව්‍ය ලොරි රථයකින් රැගෙනඒම සිදුකර තිබෙනවා. වැටලීම සිදුකළ අවස්ථාවේ එහි කළමනාකරු යැයි පැවසෙන පුද්ගලයා මාධ්‍යවේදීන්ට කර්මාන්ත ශාලාවෙන් පිටතට දැමීමට උත්සාහ දැරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රසායනික ද්‍රව්‍යවල හා තේ කොළවල සාම්පල ලබාගත් තේ මණ්ඩල නිලධාරීන් ඒවා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කළා. එහි ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2020 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්