වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය නීති සම්පාදනය කරන බව ඔස්ට්‍රේලියාව පවසනවා.
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පවසා ඇත්තේ මේ සඳහා යෝජිත නීති ලබන සතියේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
සමාජ මාධ්‍ය ළමයින්ට කරන හානිය අවම කිරීම සඳහා මෙය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.
තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන දෙමව්පියන්වෙනුවෙන් ගන්නා තීරණයක් බවත්, බොහෝ තොරතුරු තවමත් විවාදයට ලක්ව නොමැති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මෙම සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම වෙනුවෙන් පියවර ගන්නා පළමු රට ඔස්ට්‍රේලියාව වණු ඇති බවත්, මේ වනවිට සමාජ ජාල භාවිත කරන තරුණයින්ට මෙම තහනම අදාළ නොවන බවත් ඔහු පවසා තිබෙනවා.
ලබන වසර අවසානයේ දී බලාත්මක විය හැකි තහනම අනුව සමාජ මාධ්‍ය වේදිකා වෙත ළමයින්ට ප්‍රවේශ වීම අවහිර කිරීමට සහාය වීම සඳහා වයස තහවුරු කිරීමේ ක්‍රමයක් ඔස්ට්‍රේලියාව අත්හදා බලන බව සඳහන්.
අධික සමාජ මාධ්‍ය භාවිතයෙන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති අවදානම, විශේෂයෙන්ම ශරීර රූපය හානිකර ලෙස නිරූපණය කිරීමෙන් ගැහැණු ළමයින්ට ඇති අවදානම සහ පිරිමි ළමයින් ඉලක්ක කරගත් ස්ත්‍රී ද්‍රෝහී අන්තර්ගතයන් උපුටා දක්වමින් අගමැතිවරයා මෙම නව තීරණය පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.