කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිරී යාමත් සමඟ චීනයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනෙකුම සේවයෙන් නෙරපීමට එරට රජය කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කර ගත නොහැකි මට්ටමට පැමිණීම හේතුවෙනුයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.
චීනයේ හොබෙයි ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය ක්‍රියාන්විතයේ ප්‍රධානී එම පිරිසට ඇතුළත් වනවා. ඔවුන් රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙසයි සැළකෙන්නේ. හුබෙයි ප්‍රාන්තයෙන් ඊයේ දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 103 ක් වන අතර සමස්ථ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව හතළිස් දෙදහස ඉක්මවන බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී තවත් නිලධාරීන් සේවයෙන් නෙරපා දැමීමටත් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවයි චීන රජය පවසන්නේ.