උතුරු කොරියාව තුළ කෝවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වෛද්‍ය පහසුකම් මෙන් ම ආහාර ඇතුළු මූලික අවශ්‍යතා ද නොමැති වීම හේතුවෙන් එරට තුළ විශාල පිරිසක් පීඩාවට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
කෝවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා උතුරු කොරියා බලධාරීන් දැඩි තීරණ රැසක් ගෙන තිබුණ ද පසුගිය කාල සීමාව තුළ දී කෝවිඩ් රෝගය උතුරු කොරියාව තුළ විශාල වශයෙන් හිස ඔසවන්නට වුණා.
බොහෝ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා නොගන්නා උතුරු කොරියාව තුළ සියයට 40කට වැඩි ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙනවා.