2016 වසරට පසුව පැවැත්වෙන පළමු මැතිවරණයට හයිටි රාජ්‍යය සුදානම් වනවා.
ඒ වෙනුවෙන් තාවකාලික මැතිවරණ කවුන්සිලයක් මේ වනවිට පිහිටුවා තිබෙනවා.
මෙම මැතිවරණ කවුන්සිලය ගොවීන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් හා එරට වෝදු ප්‍රජාව ඇතුළු කණ්ඩායම් නියෝජනය කරනවා.
2026 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා නීතිමය රාමුවක් සැකසීම මෙන්ම ඡන්ද විමසීම සංවිධාන කිරීම ද එම කවුන්සිලයට පැවරී තිබෙනවා.
එම කවුන්සිලයේ සාමාජිකයින් හත් දෙනෙකු සිටින බව එරට අගමැති කාර්යාලය නිවේදනය කළා.
තවත් ආසන දෙකක් ඉදිරියේදී ලබා දීමට නියමිතයි.
2021 වසරේදී දී හයිටි ජනාධිපති ජොවනෙල් මොයිස්ගේ ඝාතනයෙන් පසු ඇති වූ අස්ථාවර දේශපාලන තත්ත්වය හමුවේ එරට මැතිවරණ පැවැත්වුනේ නැහැ.