හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ඒ නීති විරෝධිව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට වන චෝදනාවට අදාළවයි.
මිරිහාන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබි අති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 26 වනදා පොලිසිය සොයා ගත්තා.
ඒ මිරිහාන පොලිසියට ලැබී තිබු තොරතුරකට අනුවයි.
අදාළ නිවස ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් එකක් බවයි හෙළිවුණේ.
පොලිස් භාරයට ගත් මෝටර් රථයේ එන්ජින් සහ චැසි අංක ඔස්සේ සිදුකළ විමර්ෂණවලදී එය මෙරට ලියාපදිංචි කළ රථයක් නොවන බවට තහවුරු වු බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සුඛෝපභෝගී රථයේ ඉදිරිපස සහ පසුපස අංක තහඩු ද ගලවා ඉවත් කර තිබෙනවා.
මේ අතර පසුගිය 20 වනදා කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ පිහිටි රත්වත්තේ පවුලට අයත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් තුළ ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වුණා.
එම ලේකම්වරයා අදාළ මෝටර් රථය දින කිහිපයකට ඉහතදී එම නිවසේ ගරාජයට ගෙනැවිත් දැමු බවයි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ පොලිසියට සාක්ෂි ලබාදෙමින් පවසා තිබුණේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා පළමුව අත්අඩංගුවට ගැනුනු අතර ඔහු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ද පසුව අත්අඩංගුවට ගැනුනා.
ඇය ද අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
මේ අනුව ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම බන්ධනාගාර බස් රථයකින් අද දින අධිකරණයට රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ.