ගතවූ පැය විසිහතර තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම යතුරු පැදියක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වනවිට ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් එකසිය එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය කළ වාහන විසි අටක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම වාහන අතර යතුරු පැදි විසි හතරක්, ත්‍රී රෝද රථ තුනක් සහ ලොරි රථයක් වන බවයි වාර්තා වන්නේ. මේ අතර ගම්පහ පොලිස් බල ප්‍රදේශ දහ අටක් පුරා තවදුරටත් අඛණ්ඩව නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකයි.
