ලබන මහ කන්නයේ දී රුපියල් ලක්ෂ හතලියක පැරෂුට් තැටි ගොවිජනතාවට සියයට විසිපහක සහනාධාරය යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
2024 මහකන්නයේ දී ගොවීන් හාරදහසකට 25% සහනාධාර පදනම යටතේ පැරෂුට් තැටි ලබාදීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දොපර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.
ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.
ගොවිජනතාවට නව කෘෂි තාක්ෂණය හදුන්වාදීමේ වැඩපිළිවෙල යටතේ ගොයම් පැළ සිටුවීමට මෙම පැරෂුට් තැටි භාවිතයට ගැනෙනවා.
ඒ අනුව අක්කර දහසක් සදහා සහන පදනම යටතේ පැරෂුට් තැටි ලබාදීම සිදුවනු ඇති.
