නිතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ කෘතිම රා ලීටර පනස් හතර දහස් පන්සිය පහනක් අඩංගු බැරල් 273 ක් සුරාබදු දෙපාර්තමේන්තුව නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහවැව වලහාපිටිය සහ මුට්ටිබැදිවෙල ප්රදේශවලින්. මහ රා නිෂ්පාදනයට සහ එකතු කිරීමට ලබාගෙන තිබූ බලපත්රයකින් කෘතිම රා නිෂ්පාදනය කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නීතිවිරෝධී ලෙස මෙලෙස රා නිෂ්පාදනය කරන පුද්ගලයන් සොයා අඛණ්ඩව වැටලීම් කි්රයාත්මක බව ද ඔවුන් ප්රකාශ කළා.