බත්තරමුල්ල දියත උයනේ ආරම්භ කළ දියත මල් වසන්තය අද දිනයේද පැවැත්වෙනවා.
නිරවුල් මනසකට හා සොදුරු ජීවිතයකට මගපාදමින් පැවැත්වෙන මෙම මල් ප්‍රදර්ශනයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පිරිස් පැමිණෙමින් සිටිනවා.
වැඩමුළු, පැළ බෙදාදීම, මල් නිර්මාණ හා දැනුවත් කිරීම්ද මේ යටතේ සිදුවනවා.
දෙස් විදෙස් පැළ වර්ග, බීජ රෝපණ ද්‍රව්‍ය ආදිය මෙහිදී පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව මෙම මල් ප්‍රදර්ශනයේදී උදා කර දී තිබෙනවා.
දියත මල් හා විසිතුරුපැළ වවන්නන්ගේ සංගමයයි මෙය සංවිධාන කරන්නේ.
පෙරේදා මල් ප්‍රදර්ශනය හෙටින් අවසන් වන අතර එය අද රාත්‍රී දහය දක්වාද පැවැත්වෙනවා.
මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/hezphdeFI6s”]
