fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ප්ලාස්ටික් භාවිතය අවම කිරීම” ජාතික ව්‍යාපාරය මැයි 30 සිට ජූනි 5 දක්වා

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 11:47

“ප්ලාස්ටික් භාවිතය අවම කිරීම” ජාතික ව්‍යාපාරය මැයි 30 සිට ජූනි 5 දක්වා

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ලෝකය පුරා ප්‍රචලිතව තිබෙනවා.

එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විශාල පාරිසරික බලපෑමකට ලෝකයම ලක්ව තිබෙනවා.

ඒ අනුව උසස් අධ්‍යයන ආයතනයකින් විය යුතු භූමිකාව හඳුනා ගනිමින් පරිසරය සුරැකීම සඳහා ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පරිසරික අධ්‍යයන සහ තිරසාර සංවර්ධන මධ්‍යස්ථානය විසින් “ප්ලාස්ටික් භාවිතය අවම කිරීම” ජාතික ව්‍යාපාරය සංවිධානය කරනු ලබනවා.

එය 2023 මැයි 30වනදා සිට ජූනි 5 දක්වා ක්‍රියාත්මකයි.

මෙම ජාතික වැඩපිළිවෙළ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්‍ය පී.එම්.සී.තිලකරත්න සැමට ආරාධනා කර සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්