ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමඟ දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.
ඒ අනුව අද දිනයේද එම වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.
කෙසේවෙතත් අද වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 37649දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 18651 දෙනෙකු වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන් වන අතර බස්නාහිර පළාතේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි.
එම සංඛ්‍යාව 8440ක් ලෙස සටහන්වනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 7888ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2323ක් වාර්තා තිබෙනවා.
එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1518ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 1573 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2528 ක් වාර්තා වී තිබෙනවා.
අද දිනයේදී පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව මීරීගම ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
මෙහිදී ජනතාව දැනුවත් කර පා ගමනක් පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
මේ අතර දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් අද දිනයේද ක්‍රියාත්මකයි.ඒ අනුව බත්තරමුල්ල වික්‍රමසිංපුර හා ජයවඩනගම කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වනව.
මෙහිදී නිවෙස් පරික්ශාව සහ ජනතාව දැනුවත්කිරීමද සිදු වනවා.
ගලිගමුව ප්‍රදේශයේද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
බොහෝ දෙනෙකු එම වැඩසටහන සමඟ එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OfFdVQpE7RI”]
