රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුමට ඉදිරි වසරක කාලය තුළදී විසදුම් ලබා දෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. සූරියවැව ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති වන අලි ගැටලුව පිළිබද සොයා බැලීමේ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
වන අලීන් ගම්වැදීම හේතුවෙන් සූරියවැව ප්‍රදේශයේ පසුගිය දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටියා. ගම්වැදුනු වන අලීන් පලවා හැරීමට විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කෙරුණා. එම ප්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. රක්ෂිත කලාප තුළ අනවසරයෙන් වගා කිරීම මෙන්ම ජනතා ගැටලු කිහිපයක් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xZIYFgghRfs”]