කටුනායක ගුවන් තොටුපලේ දී ජංගම දුරකතනයක් අස්ථාන ගත වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළ වු වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.
ඒ තම ජංගම දුරකතනය කටුනායක ගුවන්තොටුපලේ දී අස්ථාන ගතවී ඇති බවට ඉකුත් 5 වැනිදා දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්.
ගුවන් තොටුපලේ දී අද (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියා සිටියේ ගුවන් තොටුපලේ සී.සී.ටී.වී නැවත පරික්ෂා කළ නමුත් එවැනි සාක්ෂියක් සටහන් වී නොමැති බවයි.
අදාළ පුද්ගලයා මැද පෙරදිග රටක සංක්‍රමණික ගුවන් තොටුපලක රැදී සිටිය දී එහි පවතින ආරක්ෂක නිති මත ඔහුගේ ජංගම දුරකතනය ආරක්ෂක නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, අදාළ රටෙහි ගුවන් සේවාව ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව දැනුම් දි ඇති බව ද ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි සඳහන් කළා.
කෙසේ වෙතත් මේ පිළිඹඳව නිසි සොයා බැලීමක් නොකොට සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තා වීම හේතුවෙන් ගුවන් තොටුපලට අපකිරීතියක් සිදුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
