පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා .
ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ යළි බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවයි .
ඒ අනුව පසුගිය දිනවල තොග වෙළඳුන් විශාල ප්රමාණයක් බිත්තර ගෙනගොස් බිත්තර විකිණීම හේතුවෙන් පාරිභෝගිකයන්ට අඩු මිලට බිත්තර ලබා ගැනීමට හැකිවුණා .
එමෙන්ම පසුගිය දිනවල වෙළඳපොළේ තිබුණ බිත්තර අතිරික්කය මේ වන විට වෙළඳපොළෙන් ඉවත් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ .
එහෙත් මේ දිනවල වෙළඳපොළට නිකුත්වන්නේ දෛනිකව නිෂ්පාදනය කරන බිත්තර වන අතර මෙම නිසා බිත්තර මිල ඉහළ යාම කෘතීමව සිදුවෙනවද යන්න ඔවුන්ටද ප්රශ්නයක් බව අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .