නුගේගොඩ උඩහමුල්ල ප්රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්රෑම් 70 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි. කොරෝනා වසංගතය පැවති කාලයේදී ද GPS තාක්ෂණය යොදා ගනිමින් ඔහු මත්කුඩු බෙදා හැර ඇති බවයි විමර්ශනවලදී හෙළි වුණේ. සැකකරු පෞද්ගලික සමාගමක අලෙවි නියෝජිතවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.