fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආදේශන භාණ්ඩ රට තුළට පැමිණීම වැළැක්විය යුතුයි – රමේෂ් පතිරණ

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:57

ආදේශන භාණ්ඩ රට තුළට පැමිණීම වැළැක්විය යුතුයි – රමේෂ් පතිරණ

කර්මාන්ත ආංශික උපදේශන සභා 9 ක් සදහා පත්කළ සභාපතිවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

කර්මාන්ත ආංශික උපදේශන සභා සභාපතිවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සිදුකෙරුණේ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදීයි. විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශණ සභා 20 ක් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනවා.

ඉන් උපදේශන සභා 11 ක් සදහා මීට පෙර පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. අද දිනයේ දී පත්වීම් ප්‍රදානය කෙරුණේ ඇගලුම් / ඖෂධ / ලෝහ හා අච්චු / තීන්ත හා රසායන ද්‍රව්‍ය / බෝට්ටු නිෂ්පාදන / කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන / මැණික් හා ස්වර්ණාභරණ / රබර් ප්ලාස්ටික් හා ඛණිජ ආශ්‍රිත නිෂ්පාදන සදහා වන ආංශික උපදේශන සභ සභාපතිවරුන් සඳහායි.

අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියාසිටියේ මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට ආදේශන භාණ්ඩ රට තුළට පැමිණීම වැළැක්විය යුතු බවයි.

එසේ නොවුන හොත් දේශීය කර්මාන්ත කඩා වැටීම වැළැක්විය නොහැකියි.

මේ සඳහා ශක්තිමත් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

hasiniek
By hasiniek අප්‍රේල් 10, 2023 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්