පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත්, කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලිමිටර 100 ඉක්මවූ තද වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකියි. අකුණු අනතුරු වළක්වා ගැනීම සදහා ආරක්ෂිත පියවර ගන්නා ලෙස දැනුවත් කෙරෙනවා.
