කැළණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා.
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා බුද්ධ ප්‍රතිමාව සදහා පළමු මල් පූජාව පැවැත්වුවා. අඩි 22 ක උසකින් යුක්තවයි බුද්ධ ප්‍රතිමාව ඉදිකර තිබෙන්නේ. කැළණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර ස්වාමීන්වහන්සේගේ 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාව සංවිධාන කර තිබුණා.
බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන රණවිරු මහාසෑ ගර්භයේ තැන්පත් කිරීම සදහා රන් ආලේපිත කරඩුවක් අග්‍රාමාත්‍යවරයා විසින් පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර ස්වාමීන්වහන්සේට පූජාකළා. බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීමට දායකවූවන් සදහා සමාජ සේවා අභිමානී ගෞරව ප්‍රණාමය ලබාදීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

