රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට හෙට සිට සාමාන්‍ය පරිදි සිසුන් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
උසස් පෙළ විභාගය සඳහා පාසල්වලට නිවාඩු ලබාදීමෙන් පසු පසුගිය 7 වනදා යළි අධ්‍යයන කටයුතු ආරම්භ කළ ද කණ්ඩායම් වශයෙන් පාසල් වලට සිසුන් කැඳවීම සිදුකෙරුණා. හෙට සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පසුගියදා නිකුත් කළා. කොවිඩ් අවදානම සහිත පාසල්වලට කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කර සිසුන් කැදවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ හැකියාව පවතිනවා.
මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද හෝ හෙට දිනයේ නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන ප්‍රකාශ කළා.