fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලේ සාරංග අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:18

වැල්ලේ සාරංග අත්අඩංගුවට

පාතාල සාමාජිකයෙකු වන සාරංග ප‍්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්.

ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 157 ක් සහ භෙරොයින් මිලිග‍්‍රෑම් 100 ක් හමුවූ බවයි පොලීසිය පවසන්නේ. වැල්ලේ සාරංග ප‍්‍රබල පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සහ පාතාල සාමාජික කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බවයි පරීක්ෂණ වලින් හෙළිවුණේ. ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී කඩුවක් ද හමුවූ බව පොලීසිය ප‍්‍රකාශ කළා. අපරාධ රැසකට සම්බන්ධ ඔහු වසර දෙකක පමණ කාලයක සිට පොලීසිය මඟහරිමින් සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්