fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 19:01

කොළඹ පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා

කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මුතුවැල්ල ජලාපවහන උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

උතුරු කොළඹ නව මුතුවැල්ල ජලාපවහන උමං මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ වුණා. ඒ, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 3450 ක්. උතුරු කොළඹ ප්‍රදේශයේ ඇතිවන ගංවතුර පාලනය සදහා අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධකර මෙම උමං මාර්ගය ආරම්භ කෙරෙනවා. එය මුතුවැල්ල ධීවර වරාය අසලින් මුහුදට විවෘත වන අතර විශ්කම්භය මීටර් 3 ක්. මීටර් 760 ක දිගින් යුත් උමගේ ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවනු ඇති. මෙම උමං මාර්ගයෙන් තත්පරයට ජලය ලීටර් පහළොස්දහසක් මුහුදට මුදාහැරිය හැකි බව ව්‍යාපෘති නිලධාරීන් පවසනවා. එහි ඉදිකිරීම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණ අවස්ථාවට දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2019 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්