ආගමන හා විගමන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සදහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.
ආගමන නීති උල්ලංඝනය කරමින් විදෙස්ගතවන පුද්ගලයින් නැවත පැමිණීම හා නැවත භාර ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජය සහ ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම වාරිමාර්ග සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෘෘස් මහත්මිය ඊට අත්සන් තැබුවා. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න,ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හොලී යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
