හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (12) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මව්ලානා නැමැත්තා කළ කරුණු දැක්විමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිම සඳහායි හිටපු මන්ත්‍රි ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් කැඳවා තිබෙන්නේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 6 වනදා විකාශය වු එම විඩියෝවේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති බව කියන හමුවක් පිළිබඳව හා ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබුණා.
විඩියෝවේ අඩංගු ආන්දෝලනාත්මක කරුණු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසන්නේ.