අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සමුළුවක් මෙරටදී පළමු වරට පැවැත්වුණා.
මෙම සමුළුව කොළඹදී පැවැත්වුණේ ලොව සාර්ථකම අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරයා ලෙස සැළකෙන ඉන්දියන් ජාතික මොහොමඩ් රෙලා මහත්ගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අධික පිරිවැයක් දරා ඉන්දියාවේදී සිදුකරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේදී සිදු කිරිමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාවේදී අක්මා බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කිරීමට තම උපරිම සහාය ලබාදෙන බවයි වෛද්‍ය මොහොමඩ් රෙලා මහතා මෙහිදී සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=YrhG4lyolcU&feature=youtu.be&fbclid=IwAR2tCkk3aR3wDNwy7vron0vY0Uhuu1gN0ls47LtJ-VT0TJ15JwD9tQbVUXM”]