fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරට යතුරුපැදි අංක තහඩු සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2023 05:22

හොරට යතුරුපැදි අංක තහඩු සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි

යතුරුපැදිවල අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.

අකුරැස්ස, වලිදූව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවකු පානදුර මාලමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ යතුරුපැදි ස්ටිකර් සකස් කරන අතරතුර ජාවාරම කරගෙන බවට බස්නාහිර පළාත් බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මතයි වැටලීම සිදු කර තිබෙන්නේ.

උපාය දූතයකු යොදා පොලිස් යතුරුපැදියක අංක තහඩුවක් නිපදවාගෙන වැටලීම සිදුකර තිබෙනවා.

අංක තහඩු වලට අලවන DMC ලාංඡන සහිත ස්ටිකර් දහසකට ආසන්න ප්‍රමාණයක් , රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් සීයකට ආසන්න ප්‍රමාණයක්, නිමකල අංශ තහඩු 10 ක් , ඒ සදහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද භාරයට ගෙන සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් යතුරුපැදියක දෙපස අංක තහඩු සකස් කිරිමට රුපියල් තුන්දහසක මුදලක් අයකර ඇති බව සැකකරුගේ ප්‍රකාශවලින් හෙලිව ඇතැයිද පොලීසිය සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2023 05:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්