සමර්හිල් කඳුකර කොටියාගේ මරණය සම්බන්ධ අවසන් වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දී තිබෙනවා.
පසුගිය 7 වනදා සමර්හිල් වතුයායේදී මද්දකට හසුවීමෙන් කඳුකර කොටියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධව විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා. එම කමිටුව සිදුකළ විමර්ශනවල අවසන් වාර්තාව කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දුන්නා. කඳුකර කොටි ගහනය ආරක්ෂා කර ගැනීමට නිර්දේශ 25 ක්ද අදාල වාර්තාවට ඇතුළත්. සමර්හිල් හිදී කොටියා මද්දකට හසුවී උස ගහක පැය ගණනක් පහතට එල්ලී සිටීමෙන් සිරුර අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට සිදු වූ හානිය මරණයට හේතුව බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. සත්වයා බේරා ගැනීමට ගස කපා දැමීම අනුමත නොකරන බවත් සතා ගසට යට වී නොමැති බවත් විමර්ශන වාර්තාවේ සඳහන්.
