fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරමැදිරියේ සිටි පුතාට හෙරොයින් ගෙන ආ පියා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:46

සිරමැදිරියේ සිටි පුතාට හෙරොයින් ගෙන ආ පියා අත්අඩංගුවට

පොලිස් සිරමැදිරියකට හෙරොයින් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මැදගම පොලීසිය ප‍්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තම පුතාට ලබාදීම සඳහා ඔහු හෙරොයින් රැගෙනවිත් ඇති බවයි ප‍්‍රශ්න කිරීම් වලින් හෙළිවුණේ.

සැකකරු රැගෙන ආ ඇඳුමක් අතර සඟවා තිබූ  හෙරොයින් මිලිග‍්‍රෑම් 40 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පුතාගේ වයස අවුරුදු 28 ක් වන අතර සැකකාර පියාගේ වයස අවුරුදු 68 ක්.

ඔවුන් දෙදෙනාම බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්