විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අඩු කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයදීත්, අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට ගෙනා යෝජනාව, 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරකුත් මාස 09ක් වන සේ ප්‍රතිව්‍යුහ ගත කිරීමට ගෙනා යෝජනාවට මෙන්ම තවත් යෝජනා කිහිපයකට ඒහිදී අනුමැතිය ලැබී තිබෙනවා.

