44 වන ජාතික වයස්කාණ්ඩ පිහිනුම් තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මරදාන සාන්ත ජෝසප් විදුහල සමත් වුණා. එහි බාලිකා ශූරතාව හිමිවුයේ කොළඹ විශාකා විද්‍යාලයටයි.
දින හතරක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට අධික පිරිසක් එක්ව සිටියා. ඒ වයස්කාණ්ඩ පහක් යටතේයි. තරගාවලියේ බාලක අංශයේ ශූරතාව මරදාන සාන්ත ජෝසප් විදුහල දිනාගනිද්දී එහි අනුශූරතාව හිමිවූයේ කොළඹ ආනන්ද විදුහලටයි. තුන්වන ස්ථානය නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනාගත්තා. බාලිකා අංශයේ ශූරතාව හිමිවුයේ කොළඹ විශාකා විද්‍යාලයටයි. එහි අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනාගත්තා. තුන්වන ස්ථානය හිමිවුයේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලටයි.