දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට මේ දිනවල බලපා ඇති මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දියානු සංචාරක ප්‍රාන්තයක් වන කේරල ප්‍රාන්තයට වසර සියයකට පසුව බලපෑ දරුණුතම මෝසම් කාලගුණ තත්ත්වය මෙය බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. ගංවතුර , නායයෑම් , ගොඩනැගිලි සහ පාලම් කඩා වැටීම් හේතුවෙන් ජීවිත හානි රැසක් වාර්තා වුණා. පනස් දහසකට අධික පිරිසක් අවතැන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14 කට ගංවතුර හේතුවෙන් රතු නිවේදන නිකුත් කෙරුණා. ගුවන් ගමන් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. සෑම වසරකම අගෝස්තු මාසයේදී කේරළ ප්‍රාන්තයට මෝසම් වැසි මගින් බලපෑම් එල්ල වනවා. මෙම වසරේදී එම තත්ත්වය වඩාත් දරුණු තත්ත්වයකට පත්ව ඇති බවයි එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.