ප්‍රකට ලේඛිකා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සදා ලාලිත් රණසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
Related Articles
ප්‍රකට ලේඛිකාවක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ සදා ලාලිත් රණසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
අනූව දශකයේ සිට මිය යන තුරුම මාධ්‍ය සහ ලේඛන ක්ෂේත්‍රයෙහි නිතරවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සදා ලාලිත් රණසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 77 වන වියේ පසුවුණා.
තරුණී සහ රසදුන පුවත්පත්වල නියෝජ්‍ය කතෘ ධුරය දැරෑ ඇය ඊට පෙර සිරිකත, එඩිතර, යෙහෙළි වැනි පුවත්පත් රැසක සේවය කළා. අවසානයේ ඇය සේවය කළේ මව්බිම කතෘ මණ්ඩලයේයි. ඒ තරුපති පුවත්පතේ කතෘවරිය ලෙසින්.
සුද්දි, සියපෙති මණ්ඩපය ඇතුළු නවකතා රැසක් රචනා කළ ඇය කෙටි කතා සහ ළමා කතා රැසක් ද රචනා කර තිබෙනවා.
හොදම විශේෂාංග ලේඛිකාවට හිමි ඩී ආර් විජේවර්ධන සම්මානයෙන්ද සදා ලාලිත් රණසිංහ මහත්මිය පිදුම් ලැබුවා.
ඇයගේ දේහය අද පස්වරුවේ සිට කඩවත මාවරමණ්ඩිය යුනිටි ගාඩ්න්ස් හි පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි.
අවසන් කටයුතු සිදු කෙරෙන්නේ අනිද්දා පස්වරුවේ කඩවත පොදු සුසාන භූමියේදීයි.