ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා.
2018/11/5 / 17 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලීසිය මෙසේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා. 2015 වසරට පෙර ද පොලීසිය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. ඉන් අනතුරුව නීතිය හා සාමය වශයෙන් වෙනම අමාත්‍යාංශයක් යටතට එය පත් කෙරුණා. නව ගැසට් නිවේදනයේ දැක්වෙන ආකාරයට ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,රණවිරු සේවා අධිකාරිය, රක්නා ලංකා සමාගම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත්වනවා.