දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
කුරුඳුගහ සහ වැලිපැන්න ප්රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව අසල මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේදී මෙම අනතුරුව සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
එක් වාහනයක ඇති වූ කාර්මික දෝෂය මෙම අනතුරට හේතුව බවටයි, මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
මේ වනවිට අනතුරට පත් වාහන ඉවත් කර මාර්ගය වාහන ධාවනයට විවෘත කර ඇති බව සඳහන්.
