fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තාත්තා මරන්න නියෝග දුන් ප්‍රභාකරන් මැරුවට සතුටක් නෑ – රාහුල් ගාන්ධි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 17:51

තාත්තා මරන්න නියෝග දුන්  ප්‍රභාකරන් මැරුවට සතුටක් නෑ – රාහුල් ගාන්ධි

තම පියා වන ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමට නියෝගය ලබා දුන් එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසා තිබේ.

ජර්මනියේ හැම්බර්ග් නුවර පිහිටි බිසිරියස් සමර් පාසලේදී (Bucerius Summer School, Hamburg, Germany) අදහස් දක්වමින් රාහුල් ගාන්ධි වැඩිදුරටත් පවසා ඇත්තේ තම සහෝදරිය වන ප්‍රියන්කා ගාන්ධිද එල්ටීටීඊ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සතුටු නොවන බවයි. එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සහ අපරාධ නිසා තමන්ට පවුලේ සමීපතමයන් දෙදෙනකු වූ මිත්තනිය ඉන්දිරා ගාන්ධි සහ පියා  රජිව් ගාන්ධි අහිමි වුවද, තවදුරටත් ඝාතන සිදු කිරීමෙන් එම පවුල්වල සමීපතමයන්ටද කනගාටුදායක සමුගැනීම් අත්විඳින්නට සිදු වන බව රාහුල් ගාන්ධි වැඩිදුරටත් සඳහන් කර ඇත.

අපරාධ නැවැත්වීමට සහ වැළැක්වීමට හොඳම විසඳුම සමාව දීම බව තමන් අත්දැකීමෙන් උගත් බවත්, තම පියා ඝාතනය වූ අවස්ථාවේ තමන් සහ සහෝදරිය වැළපුණු ආකාරයට එල්ටීටීඊ නායකයාගේ දරුවන්ද වැළපෙන්නට ඇති බවත් පවසන රාහුල් ගාන්ධි, එල්ටීටීඊ නායකයා කොතරම් කුරිරු පුද්ගලයෙකු වුවද ඔහුගේ දරුවන් ඊට පළි නැතැයිද පවසා තිබේ.

ඉන්දියාවේ හිටපු අගමැතිවරියක වන ඉන්දිරා ගාන්ධි 1984 වසෙර්දීද, හිටපු අගමැති රජිව් ගාන්ධි 1991 වසරේදීද ඝාතනය කෙරිණි.

 

– මානව –

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්