බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ පවත්නා කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දිවයිනට වයඹ, උතුරු සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි වීමේ තත්ත්වයක් පවතිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/a9snzpQ8hcI”]
පුත්තලම නගරය හරහා හමා ගිය තද සුළගකින් පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක වහල ගැලවී ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබුණු අතර අද දිනයේ හමා ගිය තද සුලඟකින් මෙසේ හානි සිදු වුණා.
